මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට මැර ප්‍රහාරයක්

මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්..

by Staff writer 03-08-2020 | 8:36 PM

COLOMBO (News 1st) - කිරුළපන ප්‍රදේශයේ අද අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීතිරීතිවලට ගරු කරන බැවින් මේ සිද්ධියේ තොරතුරු ඇතත් අප ඊට සම්බන්ධ අපේක්ෂකයින් අනාවරණය නොකිරීමට තීරණය කළෙමු. අද අලුයම 1.30 ට පමණ කිරුළපන පිහිටි මැතිවරණ කාර්යාලයකට පැමිණි පිරිසක් මේ පහරදීම සිදු කර තිබුණි. සිද්ධියෙන් හතරදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළක් කර ඇති අතර දෙදෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ. https://www.facebook.com/NewsfirstSL/videos/324959221880477/