දෘෂ්‍යාබාධිතයින්ට ඡන්දෙ දාන්න නව ක්‍රමවේදයක්..

දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්

by Staff writer 03-08-2020 | 7:52 PM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

මෙවර මහ මැතිවරණයේදී මෙම ක්‍රමය නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලොව බොහෝ රටවල් තුළ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නවීන තාක්ෂණික ක්‍රම භාවිත කළත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ තව ත් පුද්ගලයෙකුගේ සහය ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයයි. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය කලක සිට මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එමගින් රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ලැබී ඇත. ඊට අදාළ පෙරහුරුවක් ඊයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය. මැතිවරණ කොමිෂන් සභාවේ සම්බන්ධීකාරක නිලධාරී ටිකිරි කුමාර ජයවර්ධන මහතා,
විනිවිද පේන ආකෘතියක් තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඔබට පුළුන් එදාට ඡන්ද ස්ථානාධිපතිතුමාගේ සහය ඇතිව අපි මේ ආකාරයේ ඡන්ද පත්‍රිකාව මේ ස්ථානයේ රඳවලා ඉලක්කම් හා සලකුණු නිවැරදිව සටහන් කරගන්න පුළුවන් එතකොට දෘෂ්‍යාබාධිත සහිත කෙනෙකුට මේක ස්පර්ශ කරලා තමන් කැමති පක්ෂෙ කෙනෙකුට තමන්ම සලකුණු කරන්න පුළුවන් කතිරය. ඊට අමතරව මනාප ලකුණු කිරීමේදී වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට එක, දෙක, තුන ආදී වශයෙන් ගණන් කරලා තමන් කැමති මනාපය සලකුණු කරන්න පුළුවන්
නුවරඑළිය තේරීම්භාර නිලධාරී එම්. බී. ආර් පුෂ්පකුමාර මහතා,
මොවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 කදී පූර්ණ දෘෂ්‍යාභාධිත හා අර්ධ දෘෂ්‍යාභාධිත හා වැඩිහිටි කියන අය වෙනුවෙන් ඔවුන්ටම ඡන්දය ලකුණු කර ගැනීමේ ක්‍රමවේදයක් හදලා තියනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/234313927619418/