ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

04 Aug, 2020 | 6:47 am

දේශීය පුවත්

1. අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් – අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි: පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත තහවුරු කර තිබේ.

2. මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්: කිරුළපන ප්‍රදේශයේ ඊයේ අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

3. මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි: ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

4. දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්: මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

විදෙස් පුවත්

5. TikTok අමෙරිකාවට විකුණන්න, නැත්නම් දැඩි පියවර – ඩොනල්ඩ් ට්‍රම්ප්: TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]