ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-07-2020 | 6:22 AM

දේශීය පුවත්

1. රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්: කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 2. පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියක් එළිකිරීමේ සැලැස්මක්: පැල්වත්තේ සිදුවන්නට යන තව ත් පරිසරයට බලපෑම්වන සිද්ධියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. 3. මත්තල ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?: ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 4. ගල්කිස්ස වෙරළේ වැලිවලින් දෙහිවල මෝය කට වැසෙයි: වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ක්‍රියාත්මක ගල්කිස්ස වෙරළ වැලි ගොඩ කිරීමේ ව්‍යාපෘතියේ දැන් තත්ත්වය කුමක්ද?

විදෙස් පුවත්

5. ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි: ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ ය.