මත්තල සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?

මත්තල ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?

by Staff writer 27-07-2020 | 9:05 PM
Colombo (News 1st): ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. ගුවන්සේවා මධ්‍යස්ථානය පවසන්නේ, දේශපාලනිකව මෙවැනි ව්‍යාපෘති ඉන්දියාවේ අභිලාශයක් වුවත්, මෙම තීරණය පුදුමය දනවන බවය. ඒ අනුව වාණිජ ගුවන් යානා ආකර්ශණය කිරීමට අසමත් ගුවන් තොටුපොළවලට උදාහරණ සපයන ව්‍යාපෘති අතරට ස්පාඤ්ඤයේ මෙන්ම ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ ද සුදු අලියෙකු ලෙස පෙන්වා දිය හැකි බව ගුවන් සේවා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේය. මත්තල ගුවන් තොටුපොළ ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ගුවන් යානා නොපැමිණෙන සුදු අලියෙකු ලෙසය. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ චීන එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 210 ක ණය මුදලකිනි. යානා නැති ගුවන් තොටුපොළ පසුගිය රජය වී ගඩබා කිරීමට පවා යොදා ගත්තේය. රටේ දේශපාලකයින්ටත් ලෝකයටත් හාස්‍යයට හේතුවක් ලෙස පෙනන මේ ගුවන් තොටුපොළ වෙනුවෙන් රටේ ජනතාව මුදල් ගෙවන බව කාටත් අමතක වූ කරුණකි. සහන කාලසීමාව තිබුණත් චීනයට මේ ණය ගෙවිය යුත්තේ රටේ ජනතාවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස මත්තල සංවර්ධනය වනු දැකීමට කිසිවෙකු අකමැති නොවනු ඇති. එහෙත් නිසි උපාය මාර්ග ඔස්සේ එය සිදුකළ යුතු බව රටේ ජනතාවගේ විශ්වාසයයි. https://www.facebook.com/NewsfirstSL/videos/1642926165870282/