පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියකට කරන්න යන දේ?

පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියක් එළි කිරීමේ සැලැස්මක්

by Staff writer 27-07-2020 | 9:24 PM
COLOMBO (News 1st): පැල්වත්තේ සිදුවන්නට යන තවත් පරිසරයට බලපෑම්වන සිද්ධියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. ඒ, බුත්තල, දෙමළීය, හැබැස්ස ඇතුළු ප්‍රදේශවල පවතින අවශේෂ කැලෑ ඉඩම් තුළයි. කෙසේවෙතත් , මේ වනවිට පැල්වත්ත සීනි කර්මාන්තශාල පාලනාධිකාරීය මගින් උක් වගා කරීම සඳහා හෙක්ටයාර් 2000ක භූමි ප්‍රදේශයෙක් එළි කිරීමේ සූදානමක පසුවේ. ඒ, පසුගිය ජුනි මාසයේ විෂයය භාර ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් මතයි. ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි මේ ව්‍යාපෘතියේදී හානිවන ඉඩම් වැඩි ප්‍රමාණයක් අවශේෂ කැලෑ ඉඩම්. අදාල රක්ෂිත ඉඩම් එළි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ද ලබාගෙන නෙමැති බවට ජනතාව චෝදනා කරයි. පසුගිය 24 වැනිදා අදාළ ඉඩම් සඳහා ප්‍රවිශ්ටවීමට බුත්තල, ආයකපල්ල ප්‍රදේශයෙන් මාර්ගයයක් ඉදි කර තිබුණේ වනසංරක්ෂණයට අයත් ඉඩම්වලට ද හානි සිදු කරමිනි. ප්‍රදේශවාසීන් විසින් කළ දැනුවත් කිරීමකට අනුව වනසංරක්ෂණ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ කැළෑ හෙළිපෙහෙළි කිරීමට රැගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍රයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඊට දැඩි ලෙස බාධා එල්ල විය. පසුව බුත්තල ගෝනගංආර පොලීසියේ මැදිහත් වීමන් බැකෝ යන්ත්‍රය හා අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. පාර්ශ්ව ගණනාවක බාධා කිරීම් මැද වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට වනසංරක්ෂණ නිලධාරීවරයා ක්‍රියා කිරීම ප්‍රශංසනීයයි. මීට පෙරද දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් කඩොලාන ආශ්‍රිත මීගමුව රැජින දූපතේ සිදුකරන්නට ගිය පරිසර හානිය වැළැක්වූ අයුරු මතකද? ගම්පහ දිසා වන කාර්යාලයේ දිසා වන නිලධාරී බී. දේවානි ජයතිලක මහත්මිය
"ඇමතිතුමා සියයට 60 ක් තියෙනවා ඉහළ . අපේ තියෙන්නේ ගම්පහ තමයි අඩුම වන ගහනය. සියයට 1.6 යි. ඒකෙත් වනජීවී එකට තියෙන්නේ අක්කර 18යි. ඔබතුමා දන්නවාද? අක්කර 18යි. ඒකෙනුත් හෙක්ටයාර 1086 යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදනවා ඉඩම් කච්චේරියෙන්. කවුද මේවාට වගකියන්නේ. අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ."
මෙලෙස නිලධාරීන් ශක්තිමත් වී සිටින්නේ 5/2001 චක්‍රලේකය තවමත් ක්‍රියාත්මක වන නිසා නොවේද? හිතුමතේ දේශපාලකයින්ට මේ ඉඩම් බෙදා දෙන්නට ඉඩ ලැබෙන පරිදි මේ චක්‍රලේකය අහෝසි කලොත් සිදුවන විනාශයේ තරම කියා පාන්නට මේවා කදිම සාක්ෂි නොවේද?   https://www.facebook.com/NewsfirstSL/videos/881314599061247/