ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

12 Jul, 2020 | 6:27 am

දේශීය පුවත්

1. රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි: රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 4ක් ( කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන්) වාර්තා වී ඇති බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

2. රංගජීව මාධ්‍යවේදියෙකුට බාධා කිරීම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පරීක්ෂණයක් ඉල්ලයි: අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදු කරන්නැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

3. කොරෝනා වැළඳුණු කන්දකාඩු ආසාදිතයා වැලිකඩින් මතු වූ හැටි…. මුල සිට අගට: කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් උපදේශකවරයෙකුට සහ ඔහුගේ දරු දෙදෙනාට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු විය.

4. ගම්පහ බස් රියැදුරන් අහඹු PCR පරීක්ෂාවකට: මගී ප්‍රවාහන බස් රථ රියැදුරන් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩසටහනක් අද ගම්පහ නගරයේදී පැවැත්විය.

විදෙස් පුවත්

5. සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂයට ජය: සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]