රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක්

රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි

by Staff writer 11-07-2020 | 11:30 PM

COLOMBO (News 1st) 11.00PM - රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 4ක් ( කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන්) වාර්තා වී ඇති බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද(11) දින මේ දක්වා(11.00PM) වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 14ක් බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2468 දක්වා ඉහළ ගොස් තිබේ. =============================== COLOMBO (News 1st) 06.40PM : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනිණ. ඒ අතරින් 5 දෙනෙකු කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය. රාජාංගනේ පදිංචි 1යි හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි තවත් 4 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 2464 කි. ඉන් 473 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වනවිට පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 1980 කි.