ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-06-2020 | 6:22 AM

දේශීය පුවත්

1. පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්? විද්‍යාඥයින් වහාම පරීක්ෂණ අරඹයි: පේරාදෙණිය, පහළ කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී ආකාශ වස්තුවක් බවට සැක සහිත පාෂාණයක් හමුවී තිබේ. 2. වලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමට ලංකාවාසීන්ට අවස්ථාව: වලයාකාර සූර්යග්‍රහණයක් අද දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි. 3. උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්: වත්තල, උස්වැටකෙයියාව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබේ. 4. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනපති උපන් දිනය සමරයි!: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය ඊයේ දිනයට යෙදී තිබිණි.

විදෙස් පුවත්

5. MCC ගිවිසුම නිසා උණුසුම් වූ නේපාල වැසියන්: අමෙරිකාවත් සමග MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධතාවක් පැන නැගී තිබේ.