උස්වැටකෙයියාව මුහුදේදී තරුණයෙකු අතුරුදන්

උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

by Staff writer 20-06-2020 | 10:59 PM

COLOMBO (News 1st) - වත්තල , උස්වැටකෙයියාව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ තවත් මිතුර මිතුරියන් 4 දෙනෙකු සමග ඔහු දිය නෑමට ගොස් ඇති බවයි. රළ පහරට හසුවූ මෙම තරුණයින් පිරිස මුහුදට ගසා ගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසුවේය. ඉන් හතර දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් 17 හැවිරිදි අයෙකු අතුරුදන්ව ඇති බවයි. සෙසු පිරිස ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේය.