ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-06-2020 | 6:23 AM

දේශීය පුවත්

1.ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද?: ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාවෙන් අනාවරණ වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නොමැත. 2. අප්‍රේල් 21 ප්‍රහාරය, ජනපති කොමිසම රැස්වෙයි: ඊයේ දිනයේත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම රැස්විය. 3. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්: තිඹිරිඇල, මීගොල්ලෑව ගම්මානයේ සිට කිලෝමීටර් 15ක් පමණ රක්ෂිතය ඇතුළත ජාවාරම්කරුවන් කුඹුක් ගස් රැසක් කපා දමා තිබේ. 4. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආදර්ශ මැතිවරණ: සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආදර්ශ මැතිවරණ පැවැත්විය.

විදෙස් පුවත්

5. අමෙරිකාව Covid-19හි දරුණුතම බලපෑමට ලක්වෙමින් සිටිනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය: අමෙරිකාව කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑමට ලක්වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.