අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසම අදත් රැස්වෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසම අදත් රැස්වෙයි

by Staff writer 13-06-2020 | 10:53 PM

COLOMBO (News 1st) : අද දිනයේත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම රැස්වුණි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. මේ අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ ය. සහරාන් හෂීම්ගේ සහෝදරයා වන මියගිය රිස්වාන් හෂීම් 2018 වර්ෂයේ අගෝස්තු 27 වන දින පිපිරීමකින් ඇතිවූ තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් වූ බව ඔහු සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ. ඔහු ඇතුළත් කිරීමේදී සඳහන් කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් තුවාල සිදු ව ඇති බවයි. කෙසේ නමුත් ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවේ ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෑම වෛද්‍ය වාර්තාවකම ප්‍රශ්නාර්ථ ලකුණක් යොදා තිබූ බව නිරීක්ෂණය වූ බවද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙහිදී සාක්ෂි දෙමින් සඳහන් කළේ ය. මෙය බෝම්බයක් පුපුරායාමක් නොව පුපුරන ද්‍රව්‍යයක් හෝ රසායන ද්‍රව්‍ය සමග කළ ක්‍රියාකාරකමක දී සිදු වූ පිපිරීමක් වන්නට ඇති බව තමන් නිගමනය කළ බවද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ ය.