අමෙරිකාව ගැන WHO අනාවරණය

අමෙරිකාව Covid-19හි දරුණුතම බලපෑමට ලක්වෙමින් සිටිනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය

by Staff writer 13-06-2020 | 8:11 PM

COLOMBO (News 1st) : අමෙරිකාව කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑමට ලක්වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

එම සංවිධානය පැවසුවේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති රටවල් 10 අතුරින් 4ක්ම උතුරු හා දකුණු අමෙරිකානු කලාපයට අයත් ඒවා බවය. අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවා තිබේ.