දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආදර්ශ මැතිවරණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආදර්ශ මැතිවරණ

by Staff writer 13-06-2020 | 9:04 PM

COLOMBO (News 1st) :  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආදර්ශ මැතිවරණ පැවැත්විය.

මීගමුව, වේල්ල වීදිය, ශාන්ත සෙබෙස්තියන් පාසලේ මෙම ආදර්ශ මැතිවරණය පැවැත්වුණේ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ද සහභාගීත්වයෙනි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පුද්ගලයින් 200 ඡන්දය ප්‍රකාශ කිරීම මෙහිදී සිදුවිය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර අද දිනයේදී පුත්තලම, මාතලේ, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක කෙන්ද්‍රකර ගනිමින් ද මෙවැනිම අදර්ශ මැතිවරණ පැවැත්වුණේ මැතිවරණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි. ආදර්ශ මැතිවරණ 15ක් රට පුරා පැවැත්වීමට මැතිවරණ කොමිසම සැළසුම් කර ඇති අතර හෙට සහ ලබන 20 වැනිදා යන දිනවල ද එම කටයුතු සිදු වේ.