සෝමාවතිය වනෝද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්

by Staff writer 13-06-2020 | 10:40 PM

COLOMBO (News 1st) : සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ සිදුවූ මහා පරිමාණ දැව ජාවාරමක් හෙළිකර ගැනීමට අද හැකිවිය.

අද පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට මේ ජාවාරම ගැන අනාවරණ වන්නේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමට ගිය අවස්ථාවේදීය. තිඹිරිඇල, මීගොල්ලෑව ගම්මානයේ සිට කිලෝමීටර් 15ක් පමණ රක්ෂිතය ඇතුළත ජාවාරම්කරුවන් කුඹුක් ගස් රැසක් කපා දමා ඇත. අප මේ සම්බන්ධයෙන් පොළොන්නරුව වන සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ජේ. එස්. චන්ද්‍රරත්න මහතාගෙන් විමසීමක් කළේය. ඔහු පැවසුවේ අදාළ පාර්ශවයන් දැනුවත් කළ කඩිනමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.