ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-06-2020 | 6:15 AM

දේශීය පුවත්...

1. ''විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්න බැහැ”-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් : විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 2. තෝරා ගත් ප්‍රදේශයක ලබන ඉරිදා පුහුණු මැතිවරණයක් : මහ මැතිවරණයට අදාළව තෝරා ගත් ගම්මානයක පුහුණු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 3. ගල්කිස්ස වෙරළ වනසන්නේ කවුද? : ගල්කිස්ස වෙරළ තීරයට විශාල කසල ගොඩක් අද ගොඩගැසී තිබිණ. 4. ‘අංජු’ගේ උපන්දිනයට කුඩු බෙදූ කාන්තාවක් STF අත්අඩංගුවට : ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නමැත්තාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවන කාන්තාවක රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 5. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1796 ක් දක්වා ඉහළට : තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 6.”විදෙස් රටවල සිට එන අය PCR වාර්තා ලැබෙන තුරු වෙනම තබන්න” -ජනපති : විදේශවල සිට පැමිණෙන පුද්ගලයින් PCR පරීක්ෂණ වෙත යොමු කර ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ. 7. අමෙරිකානු තානාපති නිලධාරියෙක් PCR පරීක්ෂාව එපා කියමින් රටට ඇතුළු වෙයි : කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී කෙරෙන PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් අද අලුයම රටට ඇතුළු වී තිබේ. විදෙස් පුවත්.... 1. ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට කොරෝනා ? : අමෙරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අප්‍රේල් 3 වැනි දා කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු බවට හඳුනාගෙන ඇතැයි හෙනපින් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව හෙළිව තිබේ.