ගල්කිස්ස වෙරළ වනසන්නේ කවුද?

ගල්කිස්ස වෙරළ වනසන්නේ කවුද?

by Staff writer 04-06-2020 | 9:02 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස වෙරළ තීරයට විශාල කසල ගොඩක් අද ගොඩගැසී තිබිණ. වාරකන් කාලයට කසළ වෙරළට ඒම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර අසාමාන්‍ය තත්ත්වයක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ගල්කිස්ස වෙරළ තීරය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ප්‍රසිද්ධ ස්ථානයකි. වෙනදාට මෙම ස්ථානයට එන බොහෝ දෙනක්ට මෙවැනි අවවාදාත්මක පුවරු තැන තැන සවි කර ඇත්තේ , වෙරළ කසල බැහැර කිරීම අවම කිරීමටයි. වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාගෙන් අප විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ , විශේෂ ඇඳිරි නීති කාල සීමාව අවසන් වූ වහාම සේවකයින් යොදා කඩිනමින් වෙරළ තීරය පිරිසිදුකිරීමට පියවර ගන්නාව බවයි. මේ අතර ගල්කිස්ස වෙරළ තීරයේ වැලි පෝෂණය කිරීම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇතැයි නවමත වාර්තාවකින් හෙළි වී තිබේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියරච්චි, සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා දි වොස් සහ නාඩියා අස්මි විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිබේ. “ගල්කිස්ස වෙරලේ ඛේදවාචකය” නැමති එම වාර්තාවක සඳහන් වන්නේ ප්‍රමාණවත් සැලසුම් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි. එහිදී මූලික වෙරළ ඉංජිනේරු මූලධර්ම පවා නොසලකා හරිමින් ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුව ඇති බව මෙහි සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/271759104019689/