'අංජු'ගේ කුඩු ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් අත්අඩංගුවට

'අංජු'ගේ උපන්දිනයට කුඩු බෙදූ කාන්තාවක් STF අත්අඩංගුවට

by Staff writer 04-06-2020 | 5:12 PM
COLOMBO (News 1st) : ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නමැත්තාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවන කාන්තාවක රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලානේ 'ජයනි' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 31 හැවිරිදි කාන්තාවකි. රත්මලානේ 'අංජු' නමැත්තාගේ උපන්දිනය වෙනුවෙන් මෙම කාන්තාව මීට දින කිහිපයට පෙර රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වෙත නොමිලේ හෙරොයින් බෙදා හැර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 5 ක් ඇය සන්තකයේ තිබී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලීසිය වෙත භාර දී තිබේ. රත්මලානේ 'අංජු'නමැත්තා සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරේ. https://www.youtube.com/watch?v=YpzY8QPPqm0&feature=youtu.be