ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-06-2020 | 6:14 AM

දේශීය පුවත්

1. පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතාව..: හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර සිටි ක්‍රිකට් බලධාරීන් කවු ද? 2. ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ: ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබේ. 3. කිරි හරක් වංචාව යළි කරළියට: තව ත් කිරි දෙණුන් 2500 ක් ගෙන්වීමට දරණ උත්සාහයත් සමග පසුගිය සමයේ සිදු වූ ඕස්ට්‍රේලියා කිරි හරක් වංචාව යළි කතාබහට ලක්ව තිබේ. 4. මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා: මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ මනාප අංක ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 5. ලංකා සතොසේ සිදුවූ බව කියන තවත් අයථා ගනුදෙනුවක්: ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි, කියන තවත් අයථා ගනුදෙනුවක් ගැන අද තව ත් අනාවරණයක් සිදු කෙරිණ.

විදෙස් පුවත්

6. ජාතිවාදයට එරෙහි ඇමරිකානු විරෝධතා ලොව පුරා ව්‍යප්ත වන ලකුණු: සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවර වෙනස් කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා 8 වැනි දිනටත් අද ක්‍රියාත්මක විය.