කිරි හරක් වංචාව යළි කරළියට

කිරි හරක් වංචාව යළි කරළියට

by Staff writer 03-06-2020 | 9:29 PM
COLOMBO (News 1st) : තවත් කිරි දෙණුන් 2500 ක් ගෙන්වීමට දරණ උත්සාහයත් සමග පසුගිය සමයේ සිදු වූ ඕස්ට්‍රේලියා කිරි හරක් වංචාව යළි කතාබහට ලක්ව තිබේ.
''දැනට මට ඇති වෙලා තියෙන්නේ මගේ සියලු දේපොල වෙන්දේසි වෙලා බැංකුවට අයිති වෙලා ඉවරයි. මට දැන් කිසිම දෙයක් අයිතියක් නෑ. මම ඒ ගොල්ලන්ගේ ඉඩමක බලෙන් පදිංචි වෙලා තියෙන තත්ත්වයට දැන් වැටිලා තියෙන්නේ. ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයට තාම බැරිවුණා මේක මේ මේ ණය වාරික ණය ගෙවන කාලය අපිට අවුරුදු 5යි දීලා තියෙන්නේ. ඒ අවුරුදු පහේ කාල සීමාව අපි කොච්චර කතා කරත් ඒ ගොල්ලන්ට තාම බැරි වුණා මේක කාලේ දික් කරලා දෙන්න''
ඒ 2017 දී මෙරටට ආනයන කළ කිරි දෙනුන් මිලදී ගත් කිරි ගොවියෙකු තමාට අත්ව ඇති ඉරණම පැහැදිලි කළ ආකාරයයි වත්මන් රජය පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් මෙරටට කිරි දෙනන් 2500 ක් ආනයන කිරීමට තීරණය කළේ ය. මෙවර සැලසුම වී ඇත්තේ සෘජුව ගොවීන් අතරේ බෙදා නොදී , අබිජනනය කිරීම සදහා සුදුසු ස්ථාන වෙත යොමු කිරීමයි. හිටපු කෘෂිකර්ම අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පැවසුවේ, කිරි අස්වැන්න අඩු නම්, එය වැඩි දියුණු කර ගැනීමට ඇති ක්‍රිමවේදය කිරිදෙනුන් ආනයනය කිරීම ලෙස තමා නොදකින බවයි
''අප සැමවිටම රඳා පවතින්නේ අපගේ විදේශීය මූලද්‍රව්‍යයන් මත පදනම් වූ කෘෂිකර්මාන්තය සහ වෙනත් තාක්ෂණික විෂයයන් මතයි. එහිදී අප දන්නා පරිදි තාක්‍ෂණය අප සතුව ඇති අතර අපට සම්පත් තිබෙනවා. අප සතුව ඇති දේ ප්‍රයෝජනයට ගත යුතුයි. අප සතුව ඇති දැනුම වැඩි දියුණු කළ යුතුයි. කිරි අස්වැන්න අඩු නම් අපට එය වැඩි දියුණු කරගන්න පුළුවන් කොහොමද ? කිරිදෙනුන් 2000 ක් ආනයනය කිරීම මට හේතුවක් විදිහට පෙන්නේ නැහැ . කව්ද මේ මෝඩ අදහස දුන්නේ ?''
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය හේමාලි කොතලාවල මහතා පැවසුවේ, 2017 වසරේදී දි වාණිජ කිරි කර්මාන්තයක් ඇති කිරිමේ අරමුණෙන් ආනයනය කළ කිරි දෙණුන් ඝෘජුවම ගොවීන්ට ලබා දීමට ක්‍රියා කිරීම තුළ එම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් වූ බවයි. මේ අතර රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය එස් . සුගිර්දන් පවසන්නේ, 2017 වසරේදී ආනයනික කිරි ගවයින් 250 ක් වව්නියා දිස්ත්‍රික්කයට ලැබුණු බවත් මේ වනවිට ඉන් කිරි දෙණුන් 25 ක් පමණක් ඉතිරිව සිටින බවත් ය.
''2017 දී කිරි දෙනුන් 2500 ක් පිටරයින් ආනයනය කරා. ඒකෙන් 250 ක් වව්නියා දිස්ත්‍රික්කයට ලැබුණා. ඒ ගවයින්ගෙන් වැඩි පිරිසක් රෝගයට ලක්වෙලා මැරුනු බව කණගාටුවට කාරණයක්. දැනට වව්නියා දිස්ත්‍රික්කයේ ගොවිපළවල ඉතුරු වෙලා ඉන්නේ 25 ක් විතරයි. පසුගිය කාලයේ සිදුවු මේ වැරැද්ද දැනගෙන යලි එවැනි ගවයින් ආනයනය පිළිබදව අපි විරෝධය පළ කරනවා'' https://www.facebook.com/NewsfirstSL/videos/709135763240274/