ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-06-2020 | 6:33 AM

දේශීය පුවත්

1. විවාදාත්මක කිරිදෙනුන් ආනයන ව්‍යාපෘතියේ තවත් පැතිකඩක්: ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනව සංවාදයක් මතුව තිබේ. 2. සතොසේ වූ ගනුදෙනුවක් ගැන අනාවරණයක්: කොරෝනා වසංගත සමයේ ලංකා සතොසේ සිදු වූ බව කියන ගනුදෙනු ගැන මහජන අයිතීන් සුරැකීමේ පදනම අනාවරණයක් සිදු කර තිබේ. 3. “කඩිනම් තීන්දුවක් ගන්න අපි හෙට රැස් වෙනවා” – මැතිවරණ කොමිසමේ සභාපති: ඉදිරි මැතිවරණ පැවැත්වීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ‍අද රැස්වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 4. ලබන බ්‍රහස්පතින්දා (04) රජයේ කාර්යාලවලට නිවාඩු: ලබන බ්‍රහස්පතින්දා (04) රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 5. "මේක කරල තමයි මම නවත්වන්නෙ, ඒ ගොල්ලො හැඳුනෙ නැත්නම් මම හදනවා” – ජනපති: ජනාධිපතිවරයා මෙය ආවධාරණය කර සිටියේ, පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බවයි. 6. මැතිවරණ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි: මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.

විදෙස් පුවත්

7. 7 වැනි දිනටත් අමෙරිකාව ප්‍රචණ්ඩයි: ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා හේතුවෙන් 7 වැනි දිනටත් අමෙරිකාව ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබේ.