කිරිදෙනුන් ආනයන ව්‍යාපෘතියේ තවත් පැතිකඩක්

විවාදාත්මක කිරිදෙනුන් ආනයන ව්‍යාපෘතියේ තවත් පැතිකඩක්

by Staff writer 02-06-2020 | 10:14 PM
COLOMBO (News 1st) : ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනව සංවාදයක් මතුව තිබේ. ඕස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ගෙන්වීමේ ව්‍යාපෘතිය ගැන පසුගිය දින කිහිපයේ නැවත අවධානය යොමුවූයේ කිරිදෙනුන් 2500 ක් ගෙන්වීමේ සූදානමක් ගන සම කැබිනට් ප්‍රකාශකවරයා කළ අනාවරණයත් සමගයි. කිරි දෙනුන් විසි දහසක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වීමට 2012 - 2013 කාලසීමාවේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය අසාර්ථක ව්‍යාපෘතියක් වූයේ ගෙන්වූ කිරි දෙනුන් වැඩි දෙනා මිය යාම නිසයි. මීට පෙර කිරි දෙනුන් ගෙන්වූ අවස්ථා කිහිපයේදීම කෙලින්ම සතුන් ගොවීන්ට මුදා හැරියත් දැන් රජය පවසන්නේ අභිජනනය සඳහා කිරි දෙනුන් ගෙන්වන බවයි. නිකවැරටිය සහ රිදියගම ගොවිපල ඒ සඳහා යොදා ගැනීමට සැළසුම්කර තිබේ. 2018 දී නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන මේ කිරි දෙනුන් සුවිශේෂී කාලගුණ තත්ත්වයක රැඳවිය යුතු බවයි. සීත කාලගුණ තත්ත්වය හා විශේෂ අහාර සැපයුම මේ සතුන්ට ඉතා වැදගත් වේ. ඒ අනුව යෝජිත අභිජනන ක්‍රියාවළිය සඳහා මේ කිරි දෙනුන් නිකවැරටිය සහ රිදියගම වැනි උෂ්ණත්වය වැඩි ගොවිපොළවල රඳවා තැබීමන් අපේක්ෂිත ප්‍රථිඵල ලැබේ ද යන්න ඇත්තේ සැකයකි.