"කඩිනම් තීන්දුවක් ගන්න අපි හෙට රැස් වෙනවා"

"කඩිනම් තීන්දුවක් ගන්න අපි හෙට රැස් වෙනවා" - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 02-06-2020 | 8:45 PM
COLOMBO (News 1st) : ඉදිරි මැතිවරණ පැවැත්වීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ‍හෙට රැස්වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා පැවසුවේ, එහිදී කඩිනමින් දිනයක් නියම කිරීම සහ තරග කරන පක්ෂවල, කණ්ඩායම්වල විස්තර සහ අපේක්ෂකයින්ගේ නම් සහ මනාප අංක ප්‍රසිද්ධ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. මහ මැතිවරණය සම්බන්ධව ඉදිරිපත්වී තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කළ අතර ඒ අනුව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසමට කිසිදු නෛතික බාධාව නොමැති බව සභාපතිවරයා පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/298605591166706/