සතොසේ වූ ගනුදෙනුවක් ගැන අනාවරණයක්

සතොසේ වූ ගනුදෙනුවක් ගැන අනාවරණයක්

by Staff writer 02-06-2020 | 9:04 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගත සමයේ ලංකා සතොසේ සිදුවූ බව කියන ගනුදෙනු ගැන මහජන අයිතීන් සුරැකීමේ පදනම අනාවරණයක් සිදු කර තිබේ. එහි කැඳවුම්කරු අසේල සම්පත් පවසන්නේ, 100යට මිල නියම වූ සැමන් සහ රුපියල් 65ට අලෙවි කරනලෙස පැවසූ පරිප්පුයි ජනතාවට ලබා දෙනවා වෙනුවෙට මොවුන් හොර පාරෙන් සුපිරි වෙළඳසැල්වලට හා අනෙකුත් වෙළඳසල්වලට සහ සේවකයින්ගේ ගෙවල්වල තබා ගෙන ඇති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, අහිංසක මිනිස්සුන්ගේ එදා වේලේ හම්බකර ගත්ත මේ සුදුකර පටි කාරයින්ට වහා නිතීය ක්‍රියාත්මක විය යුතු බවයි.
''නෞෂාඩ් කියන සභාපතිවරයා වචනවලින් මේ රටේ පාරිභෝගිකයා නොමග යවලා. ජනාධිපතිවරයා ජාතිය අමතලා තමයි කිව්වේ සැමන් සහ පරිප්පු අඩුකරනවා කියලා නිලධාරීන් දැනගන්න ඕන ඒ සැමන්වලට සහන මිලට ලබාදෙන රුපියල් 100 සැමන්වලට රුපියල් 65 පරිප්පුවලට මොනයම් ආකාරයක යම්කිසි සලකුණක් යොදන්න, මෙයාලා කලේ මොකක්ද 100 ගත්ත සැමනුයි 65 ගත්ත පරිප්පුයි ජනතාවට දෙනවා වෙනුවෙට මේ ගොල්ලෝ හොර පාරෙන් සුපිරි වෙළඳසැල්වලට හා අනෙකුත් වෙළඳසැල්වලට හා සේවකයින්ගේ ගෙවල්වල තියන්න ගත්තා. වහාම සතොස සභාපතිවරයාට තිබෙන විනය පරික්ෂණ හා ඔහුට විරුද්ධව තිබෙන මුල්‍ය චෝදනා කඩිනමින් විභාග කළ යුතුයි. වහාම වරද නිවරදි කරලා ඒ සහන ජනතාවට අරං දිය යුතුයි. වහාම මේ අහිංසක මිනිස්සුන්ගේ එදාවේලේ හම්බකර ගත්ත මේ ටයිකාර සුදුපාට කර පටි කාරයින්ට වහා නිතීය ක්‍රියාත්මක විය යුතුයි''
මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම චරිතය ඝාතනය කිරීමේ අරමුණින් මෙවැනි චෝදනා නගන බවයි. ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ කටයුතු සදහා ඇතිකළ මේ අරමුදල කළමනාකරණය කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි.