ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-02-2020 | 7:30 AM
දේශීය පුවත් 1. උෂ්ණ අධික කාලගුණයෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවිය හැකියි – සෞඛ්‍ය අංශ: මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණය හේතුවෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 2.බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්: ඩුප්ලිකේෂන් මාර්ගයේ බම්බලපිටිය හන්දිය ආසන්නයේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ඊයේ ගින්නක් හටගෙන තිබේ.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් රථ 4 ක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි. 3.මුස්ලිම් කොංග්‍රසයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ. 4. දැනට යෝජිත MCC ගිවිසුම අත්සන් නොකර සංශෝධන පිළිබඳ අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන: දැනට යෝජිත MCC හෙවත් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විදෙස් පුවත් 1. සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබළුන් 29ක් මරුට: සිරියානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබළුන් 29ක් පමණ මියගොස් තිබේ. ක්‍රීඩා පුවත් 1.මැද පෙරදිග පා පැදි සවාරිය අතරමග නවතා දමයි : ලොව ප්‍රමුඛ පෙළේ පා පැදි සවාරියක් වන මැද පෙරදිග පා පැදි සවාරියේ තවත් අදියර දෙකක් ඉතිරිව තිබියදී , එම සවාරිය නවතා දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.