සිරියානු ප්‍රහාරයකින් තුර්කි සෙබළුන් 29ක් මරුට

සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබළුන් 29ක් මරුට

by Staff writer 28-02-2020 | 7:52 AM
COLOMBO (News1st) : සිරියානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබළුන් 29ක් පමණ මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ගුවන් ප්‍රහාරය එල්ල වූ ඉඩ්ලිබ් පළාතේ තවත් බොහෝ හමුදා භටයින්ට තුවාල සිදුවී ඇති බව තුර්කියේ හැටේ පළාතේ ආණ්ඩුකාර රහ්මි ඩෝගන් පැවසී ය. රුසියාවේ සහාය ලබන සිරියානු හමුදා ,තුර්කි සොල්දාදුවන්ගේ සහාය ලබන කැරලිකරුවන්ගෙන් ඉඩ්ලිබ් ආපසු ලබා ගැනීමට උත්සාහ දරණ පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. කෙසේ වෙතත් විශේෂඥයින් මත පළ කරන්නේ සිරියානු සහ තුර්කිය අතර මෙම ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවයි. යුරෝපයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වේ. එමෙන්ම මැදපෙරදිග රාජ්‍යයක් වන ඉරානයෙන්ද  කොරෝනා ආසාදිතයින් මරණ 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මේ අතර ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර  තිබේ.