බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්

බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 28-02-2020 | 3:44 PM

COLOMBO (News 1st) - ඩුප්ලිකේෂන් මාර්ගයේ බම්බලපිටිය හන්දිය ආසන්නයේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් රථ 4 ක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි. අදාළ ගොඩනැගිල්ලේ පහළ මාලයේ යන්ත්‍රෝපකරණ ගබඩා කාමරයක ගින්න හටගෙන ඇත. මේ වනවිට ගින්න තරමක් දුරට පාලනය කර ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.