"යෝජිත MCC අත්සන් නොකර අමෙරිකාව සමග සාකච්ඡා කරනවා"

දැනට යෝජිත MCC ගිවිසුම අත්සන් නොකර සංශෝධන පිළිබඳ අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් - බන්දුල ගුණවර්ධන

by Staff writer 28-02-2020 | 10:51 AM

COLOMBO (News 1st): දැනට යෝජිත MCC හෙවත් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. මේ අතර බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, MCC ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ය.