ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-01-2020 | 6:27 AM

දේශීය පුවත්

1. මැද පෙරදිග බලා පියාසර කළ යානයක සිටි කාන්තාවක් IDH රෝහලට : අද පස්වරුවේ කොරොනා වෛරසය ආසාදන වූ බවට සැක කෙරෙන තවත් ඉන්දුනීසියානු කාන්තාවක් බෝවන රෝග විද්‍යාතයතනයට ඇතුළත් කෙරිණ. 2. කෙරෝනා පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් : ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. 3. රෝග ලක්ෂණ මතුවීමටත් පෙර කොරෝනා තවත් අයෙකුට බෝවිය හැකියි : කොරෝනා වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අද පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තවදුරටත් අනතුරු ඇඟවීය. 4. විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති දුන් නියෝගය ගැන ව්‍යවස්ථා සභාවේ අවධානයට : මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, නීතිපතිවරයා නිකුත් කර ඇති නියෝගය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ, විශේෂ අවධානයට ලක්ව තිබේ. 5. චීනයේ චෙන්ඩුහි ලාංකික සිසුන් පැය 48ක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර : චීනයේ, සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ.

දේශීය පුවත්.....

1. කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි : කොරෝනා වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.