කොරෝනා වැළඳුණු බවට සැක තවත් කතක් IDH රෝහලට

මැද පෙරදිග බලා පියාසර කළ යානයක සිටි කාන්තාවක් IDH රෝහලට

by Staff writer 26-01-2020 | 10:17 PM
COLOMBO (News 1st) : අද පස්වරුවේ කොරොනා වෛරසය ආසාදන වූ බවට සැක කෙරෙන තවත් ඉන්දුනීසියානු කාන්තාවක් බෝවන රෝග විද්‍යාතයතනයට ඇතුළත් කෙරිණ. ඉන්දුනිසියාවේ සිට ශ්‍රී ලංකාව හරහා මැද පෙරදිග බලා පියාසර කරමින් තිබු අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්වා ඇත්තේ අද පස්වරුවේ. එහිදි අදාළ කාන්තාවට උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් බෝවන රෝග විද්‍යාතයතනයට ඇතුළත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, කාන්තාව සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අදාළ කාන්තාවට උණ රෝගය හැර වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් මෙතෙක් පෙන්නුම් නොකරන බව ද රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ ය.