කෙරෝනා පැතිරීම වැළැක්වීමට ජාතික කමිටුවක්

කෙරෝනා පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක්

by Staff writer 26-01-2020 | 10:11 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. අදාළ කමිටුව ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ , සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත වන අතර, සෙසු සාමාජිකයෝ 12 දෙනෙක් ද ඊට අයත් වෙති. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ, බෝවන රෝග විද්‍යාතයතනයට ඊයේ ඇතුළත් කෙරුණු සිව් දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව මූලික සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබේ. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ ය.