ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-11-2019 | 6:04 AM

දේශීය පුවත්

1. ජනපති ගෝඨාභය දළදා සමිඳුන් වැඳපුදා ගනී: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගෙන තිබේ. 2. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රනිල් මහත්තයෝ, එජාප නායකත්වයෙන් කරුණාකර ඉවත් වෙන්න: අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 3. මහින්ද රාජපක්ෂ අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි: මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 1.00 ට අග්‍රමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත වේ. 4. විපක්ෂ නායක ධුරය සජිත්ට නොදුන්නොත් විකල්පයක් ගැන හිතනවා – හරීන් ප්‍රනාන්දු: එක්සත් ජාතික පක්ෂය තුළ බලාපොරොත්තුවන වෙනස්කම් සිදු නොවන්නේ නම් විකල්පයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනතුරු ඇඟවීමක් කර තිබේ.

විදෙස් පුවත්

5. රජිනිකාන්ත් හා කමල් හසන් දේශපාලනයේදී එක්ව කටයුතු කිරීමට සැරසේ: රංගන වෘත්තියෙන් දේශපාලනයට පිවිසු දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේදී එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබේ.