ජනපති ගෝඨාභය දළදා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 20-11-2019 | 5:38 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගෙන තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව පුරාණ සම්ප්‍රදායට අනුව ජනාධිපතිතුමා එලෙස දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේ ය. දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපතිවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් වි‍ශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් ද තැබුවේ ය. දළදා මාලිගාවෙන් පිටතට පැමිණි ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.