විපක්ෂ නායක ධුරය සජිත්ට නොදුන්නොත් විකල්පයක් ගැන හිතනවා - හරීන් ප්‍රනාන්දු

by Staff writer 20-11-2019 | 8:16 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය තුළ බලාපොරොත්තුවන වෙනස්කම් සිදු නොවන්නේ නම් විකල්පයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද අනතුරු ඇඟවීමක් කර තිබේ.

ජනාධිපතිවරණ පරාජය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට හිටපු අමාත්‍යවරයා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස ඉදිරිපත් විය හැකි දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියහ.