ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

10 Oct, 2019 | 6:14 am

දේශීය පුවත්

1. ‘බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක් බිහි කරනවා’ – ගෝඨාභය: තමාගේ ජයග්‍රහණයෙන් පසු අභූත නඩු චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටින සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

2. සිසුවියන් 7ක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්: පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොත්මලේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු යළි ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

3. හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරයට: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

4. මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි: ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් පුවත්

5. මන්ත්‍රී සංඛ්‍යාව කප්පාදුවට ඉතාලි පාර්ලිමේන්තු අනුමැතිය: ඉතාලි පාර්ලිමේන්තුව එරට මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට අනුමැතිය පළකර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]