ගෝඨාභය පොදුජන පෙරමුණේ මංගල රැලිය අමතයි

Update : 'බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක් බිහිකරනවා' - ගෝඨාභය

by Staff writer 09-10-2019 | 4:18 PM
COLOMBO (News 1st) : තමාගේ ජයග්‍රහණයෙන් පසු අභූත නඩු චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටින සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතා පවසයි.  ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැතවෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලිය අමතමිනි. වන අලින්ගෙන් සිදුවන හානිවලට කඩිනමින් වන්දි ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් රටට පිළිලයක් වී ඇති අලි - මිනිස් ගැටුමට විසඳුම් ලබා දෙන බව ද ඔහු එහිදී පැවසී ය. ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ගොවීන්ට පොහොර සහනාධාරය නොමිලේම ලබා දෙමින් කෘෂි කර්මාන්තය තරුණයින් අතර ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කිරීමට කැප වන බවයි. බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක් අපි ජනතාවට සහතික කරන බවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රතිඥා දුන්නේ ය. ............................................................................................................................................................................................. COLOMBO (News 1st ) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලිය මේ වනවිට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට රැළිය අමතමින් සිටී. https://www.youtube.com/watch?v=n2LZMskTyq0 https://www.youtube.com/watch?v=5lvBfo-xrkM