හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරයට

හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 09-10-2019 | 3:59 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය අද දහවල් නිෂ්ප්‍රභ කළේ ය. ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.