මන්ත්‍රී කප්පාදුවට ඉතාලි පාර්ලිමේන්තු අනුමැතිය

මන්ත්‍රී සංඛ්‍යාව කප්පාදුවට ඉතාලි පාර්ලිමේන්තු අනුමැතිය

by Staff writer 09-10-2019 | 4:35 PM
COLOMBO (News 1st) : ඉතාලි පාර්ලිමේන්තුව එරට මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට අනුමැතිය පළකර තිබේ. මේ අනුව එරට ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා දෙකෙහිම නියෝජිතයන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් කප්පාදු කිරීමට නියමිතයි. දශකයක් තුළ යූරෝ බිලියනයක් ඉතිරි කර ගැනීම මෙලෙස මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහත හෙළීමේ අරමුණ වේ. මේ අනුව ඉතාලියේ මන්ත්‍රීවරුන් 630 සිට 400 ක් දක්වා ද , සෙනෙට් සභිකයන් 315 සිට 200 ක් දක්වා ද කප්පාදු කෙරෙනු ඇති .