සිසුවියන් 7ක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්

සිසුවියන් 7ක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්

by Staff writer 09-10-2019 | 4:41 PM
COLOMBO (News 1st): පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොත්මලේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු යළි ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරු කොත්මලේ, හෙල්බොඩ සංචාරක අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉකුත් 7 වන දා කොත්මලේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. අපයෝජනයට ලක් වූ බව කියන සිසුවියන් 7 දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කර සිටිති.