ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-09-2019 | 6:39 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් විරෝධය පළ කර තිබේ. 2. කුඹුරු ඉඩමක් පවරා දීමට කටයුතු කිරීම සඳහා ගොවියෙකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4කට වරදකරු කරනු ලැබූ අක්කරපත්තුව ගොවිජන සේවා කාර්යාලයට අනුයුක්තව සේවය කළ ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට ඊයේ වසර 16ක සිර දඬුවම් නියම කෙරිණි. 3. හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේ ය. 4. ලොරි රථ රියැදුරෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 2කට වරදකරු කරනු ලැබූ මට්ටක්කුලිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් ඊයේ නියම කෙරිණි. 5. ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත්වල භූ කම්පනයක් සිදුව තිබේ. ක්‍රීඩා පුවත් 7. හංසිනී ගෝමස් කිලෝග්‍රෑම් 49 බර පන්තියේ බර ඉසිලීම කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා තිබේ.