ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-08-2019 | 6:38 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. 2. කොළඹ නගරය තුළ ස්මාර්ට් ආලෝක පද්ධතියක් ඇති කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමග නගර සභාව එළැඹ ඇති ගිවිසුමට එරෙහිව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ය. 3. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳ පුදා ගත්තේ ය. 4. චීනයෙන් ආනයනය කළ S 14 දුම්රිය බලවේග කට්ටලය ඊයේ කොළඹ වරායට ළඟා විය. 5. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා අදියර 1 යටතේ නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. 6. ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. විදෙස් පුවත් 7. වසා දැමූ හොංකොං ගුවන්තොටුපොළ ඊයේ යළි විවෘත කර තිබේ. ක්‍රීඩා පුවත් 8. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ.