ශර්මිලා ගෝනවලගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ නගර සභාව එළැඹ ඇති ගිවිසුමකට එරෙහිව මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල ශ්‍රේෂ්ඨාධිකරණයට

by Staff writer 13-08-2019 | 9:32 PM
COLOMBO (News 1st) - කොළඹ නගරය තුළ ස්මාර්ට් ආලෝක පද්ධතියක් ඇති කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමග නගර සභාව එළැඹ ඇති ගිවිසුමට එරෙහිව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ය. 2018 පෙබරවාරි 5 වන දා නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ, නගර සභාව විසුරුවා තිබෙන අවස්ථාවේදී ය. විදුලි ආලෝක පද්ධතිය සවි කර නඩත්තු කිරීම සඳහා වසර 20ක කාලයකට අත්සන් කර ඇති අදාළ ගිවිසුම හේතුවෙන් කොළඹ මහ නගර සභාවට රුපියල් මිලියන 3760ක මූල්‍ය පාඩුවක් සිදු වන බව ශර්මිලා ගෝනවල මහත්මිය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ. ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ, නගර සභාවේ භාණ්ඩාගාර ‍දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාව මත පදනම්ව ලබා ගත් තොරතුරු අනුව ය. නගර වැසියන්ගේ බදු මුදල් පෞද්ගලික ආයතනයකට වාසි සැලසීම සඳහා යෙදවීමට ක්‍රියාකර ඇති බව පවසමින් ශර්මිලා ගෝනවල මහත්මිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.