කඳුකරයට එන නව දුම්රිය බලවේග කට්ටලය වරායට ළඟා වෙයි

කඳුකරයට එන නව දුම්රිය බලවේග කට්ටලය කොළඹ වරායට ළඟා වෙයි

by Staff writer 13-08-2019 | 3:55 PM
COLOMBO (News 1st) - චීනයෙන් ආනයනය කළ S 14 දුම්රිය බලවේග කට්ටලය අද කොළඹ වරායට ළඟා වී තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළේ, උඩරට මාර්ගයේ ධාවනය සඳහා සකස් කරන ලද දුම්රිය බලවේග කට්ටලයක් එලෙස මෙරටට ගෙන්වා ඇති බව ය. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10.3කි. තවත් එවැනි බලවේග කට්ටල 8ක් මෙරටට ලැබීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් ක‍ළේ ය. වායුසමනය කළ මැදිරි දෙකකින්, දෙවැනි පන්තියේ මැදිරි දෙකකින් හා 3 වන පන්තියේ මැදිරි තුනකින් මෙම බලවේග කට්ටලය සමන්විත ය. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේ ය.