ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

21 Jul, 2019 | 6:29 am

දේශීය පුවත්

1. පොලිස් වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට: යාපනය, මනිපායි පොලිස් වසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේ පොලීසිය කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

2. ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්: පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නැවත දැනුම් දෙන තුරු එක් දින යාත්‍රා වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරයි.

3. කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට: කොළඹ, ගෑස්පහ මධ්‍යම පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

4. කටුනායක ගොඩ ගැසූ පිටරට කුණුවල දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ: කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩ ගසා ඇති විදෙස් රටවලින් ආනයනය කළ කසළ තොගවල දර්ශන මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබේ.

විදෙස් පුවත්

5. ඉරාන – බ්‍රිතාන්‍ය අර්බුදය උග්‍ර කරමින් බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ඉරානය සිය ග්‍රහණයට ගනී: ඉරානය විසින් ගල්ෆ් මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් නෞකාවක් සිය ග්‍රහණයට ගනු ලැබ තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]