පොලිස් වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට

පොලිස් වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට

by Staff writer 20-07-2019 | 10:33 PM
COLOMBO (News 1st) : යාපනය, මනිපායි පොලිස් වසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේ පොලිසිය කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද රාත්‍රි 8. 45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් ඉනුවිල් පාර ප්‍රදේශයේ නිවාස වලට පහරදීමට පැමිණෙන බවට ලද තොරතුරක් මත පොලිසිය එම ප්‍රදේශයේ රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ යෙදී සිට ඇති අතර එහිදි යතුරු පැදි තුනකින් පැමිණි ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් පොලිසියට කඩුවලින් පහරදීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ පොලීසිය ඔවුන්ට වෙඩි තබා ඇති තබා ඇති අතර ඉන් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සෙසු ආවා කල්ලි සාමාජිකයින් 5 දෙනා පලාගොස් ඇති බවයි. පසුව කළ සෝදිසි මෙහෙයුම්වලින් කඩු තුනක් හා යතුරු පැදියක්ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.