කොළඹදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටෙයි: 7ක් රෝහලට

කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට

by Staff writer 20-07-2019 | 1:54 PM
COLOMBO (News 1st): කොළඹ , ගෑස්පහ මධ්‍යම පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල සිදුව තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ ලොරි රථයේ තිරිංග නොමැති වීම හේතුවෙන්, රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බව ය.