ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-07-2019 | 6:55 AM

දේශීය පුවත්…

1. ඉන්දියාවට යනවා කියා මාලදිවයිනට ගිය අභිරහස් යානය : කටුනායක ගුවන්තොටුපොළේ දින තුනක් තිස්සේ නවතා තිබූ ගැඹුරු භූමි නිරීක්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා ගුවන් යානය ඊයේ උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියේ ය. 2. සරසවි සිසු විරෝධතාවට කොල්ලුපිටියේදී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර : සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොල්ලුපිටිය මංසන්ධියේදී අද පස්වරුවේ පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේ ය. 3. ගාමිණි සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වන දා : හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වන දා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රකාශ කළේ ය. 4. සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙක් අත්අඩංගුවට : ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙකු රස්නායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 5. හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා ඇප මත මුදා හැරේ : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ. 6. රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් : අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විදෙස් පුවත්...

1. බ්‍රිතාන්‍ය අගමැති ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේව සහ බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාව දැඩිව විවේචනය කර තිබේ.