සරසවි සිසු විරෝධතාවට කොල්ලුපිටියේදී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

by Staff writer 09-07-2019 | 4:59 PM
COLOMBO (News 1st) - සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොල්ලුපිටිය මංසන්ධියේදී අද පස්වරුවේ පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ, කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාර වසා තිබියදී විරෝධතාවයේ නිරත සිසුන් ගාලු මුවදොර දෙසට යාමට තැත් කිරීමත් සමග ය. බැටික්ලෝ කැම්පස් ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පා ගමන සංවිධාන කර තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන නුගේගොඩ, කිරුළපන, තුම්මුල්ල පසු කරමින් ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දක්වා පැමිණියේ ය. මේ හේතුවෙන් කොල්ලුපිටිය මංසන්ධියේ අද පස්වරුවේ පැවතියේ දැඩි රථ වාහන තදබදයකි.