සහරාන්ගේ සමීපතමයෙක් රස්නායකපුරදී අත්අඩංගුවට

සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙක් අත්අඩංගුවට

by Staff writer 09-07-2019 | 12:07 PM
COLOMBO (News 1st): ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙකු රස්නායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ නිකවැරටිය, දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය මැයි පළමු වැනිදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. රස්නායකපුර පොලීසියේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව මෙම සැකකරු ඊයේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ. පොලීසිය පවසන්නේ, මොහු නුවරඑළිය බ්ලැක්ෆූල් සහ හම්බන්තෙට ප්‍රදේශවල පුහුණුවීම් ලබා ඇති බවයි. පොලීසිය පැවසුවේ රැඳවුම් නියෝග ලබා තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.