ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 08-07-2019 | 6:08 AM

දේශීය පුවත්... 

1. එජාප හිටපු පළාත් මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට : එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 2. භූගත භූමි නිරීක්ෂණය කරන විශේෂ ගුවන් යානයක් කටුනායකට : ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සදහා යොදාගන්නා ගුවන් යානයක් ඊයේ කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ. 3. ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක් : ජාති හා ආගම් පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ මින් ඉදිරියට ලියාපදිංචි නොකිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 4. වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසකට පීඩා : පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක පමණ පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විදෙස් පුවත්...

1. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ගැන යළි සාකච්ඡා කිරීමට ප්‍රංශය එකඟ වෙයි : ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග යළි සාකච්ඡා කිරීමට ප්‍රංශය එකඟවී තිබේ.

ක්‍රීඩා පුවත්...

1.ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉන්දියාව කඩුලු 7 කින් ජය ගත්තේ ය.